Heading
දේශීය
2025-07-11 12:32 pm • Views: 477

ලංකාවේ අපනයන සදහා වැඩි ඉඩක් ලබා දීමට එක්සත් රාජධානිය නීතිය ලිහිල් කරයි.

ලංකාවේ අපනයන සදහා වැඩි ඉඩක් ලබා දීමට එක්සත් රාජධානිය නීතිය ලිහිල් කරයි. 


එක්සත් රාජධානිය, ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල නිෂ්පාදන සදහා තම වෙළ පොළ, දැනට විවෘත කර තිබෙන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් විවෘත කිරීමට අදාල පියවර ගෙන ඇති බව වාර්තා වේ. 

මේ සදහා, සංවර්ධනය වෙමින් පවතින රටවලට බදු සහන ලබා දීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක කරනු ලබන “සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළද යෝජනා ක්‍රමය” යාවත්කාලීන කිරීමට එක්සත් රාජධානිය කටයුතු කර තිබේ. 

ඒ අනුව, ලංකාව, පිලිපීනය සහ නයිජීරියාව වැනි රටවලට, තීරු බදු රහිතව සහ දැනට ආනයන කරන ප්‍රමාණයට වඩා වඩා වැඩි ප්‍රමාණයකින් ආනයනය කිරීමට ඉඩ ලබා දීම සදහා පවතින නීති සරළ කිරීමට කටයුතු කරන බව එක්සත් රාධානිය පවසයි. 

“සංවර්ධනය වෙමින් පවතින රටවල් සදහා වන වෙළද යෝජනා ක්‍රමය” යනු යුරෝපා සංගමය විසින් සංවර්ධනය වෙමින් පවත්වා රටවල් ඉලක්ක කර ගනිමින් පවත්වාගෙන යනු ලබන ජී.එස්.පී බදු සහනය වැනිම වූ ක්‍රම වේදයකි. 

එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත්ව ඇති බැවින්, ඔවුන්, සංවර්ධනය වෙමින් පවතින රටවලට සහාය වීම සදහා ක්‍රමය ක්‍රියාත්මක කරයි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න