Heading
දේශීය
2025-07-07 9:24 am • Views: 653

ඉමියුනිග්ලෝබියුලීන් සහ රිටොක්සිමැප් මගඩිය; කෙහෙළිය ඇතුළු නඩයට සිතාසි නිකුත් කරයි.

ඉමියුනිග්ලෝබියුලීන් සහ රිටොක්සිමැප් මගඩිය; කෙහෙළිය ඇතුළු නඩයට සිතාසි නිකුත් කරයි. 

ව්‍යාජව සකස් කරන ලද, ප්‍රමිතියෙන් තොර,  ඉමියුනිග්ලෝබියුලීන් සහ රිටොක්සි මැප් යන ඖෂධ මිලදී ගැනීම හරහා රුපියල් ලක්ෂ 1444 ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ සැකකරුවන්ට එරෙහිව, කොළඹ විශේෂ ත්‍රීපුද්ගල මහාධිකරණය අද සිතාසි නිකුත් කර තිබේ. ඒ, එළැඹෙන එකොළොස් වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමිනි.  

සිතාසි නික-ුත් කර තිබෙන සැකකරුවන් අතර, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට අමතරව, අදාල ඖෂධ නිෂ්පාදනය කළ බව කියන ඇසුසුලේට් බයෝටෙක් ෆාර්මා සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාන්තිනී සොලමන්, වෛද්‍ය සැපයුම් අංශයේ ගණකාධිකාරී නෙරාන් ධනන්ජය, වෛද්‍ය සැපයුම් අංශයේ තොග පාලක සුජිත් කුමාර, සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය, සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂකවරයෙකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විජිත් ගුණසේකර යන අයට එරෙහිව ත්‍රීපුද්ගල මහාධිකරණ සිතාසි නිකුත් කර තිබේ. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න