Heading
දේශීය
2025-06-17 9:43 am • Views: 153

කර්මාන්ත අංශයේ පිබිදීමක්..! වසරේ පළමු කාර්තුවේ දී ආර්ථිකය 4.8% කින් ප්‍රසාරණය වේ

කර්මාන්ත අංශයේ පිබිදීමක්..! වසරේ පළමු කාර්තුවේ දී ආර්ථිකය 4.8% කින්  ප්‍රසාරණය වේ. 

කර්මාන්ත අංශයේ විශේෂ පිබිදීමක් ඇති වීමත් සමඟ, මේ වසරේ පළමු කාර්තුවේ, ආර්ථිකය, 4.8% කින් ප්‍රසාණය වී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 

2024 වසරේ අවසාන කාර්තුවේ පැවති 5.4% ක වර්ධනයට සාපේක්ෂකව, මේ වසරේ මුල් කාර්තුවේ ඇති වී තිබෙන වර්ධනය යම් ලිහිල් වීමක් පෙන්නුම් කළද, ගෙවුණු වසර කිහිපයේ පළමු කාර්තූන් පිළිබදව සැලකිල්ලට ගත් විට, මේ වසරේ  පළමු කාර්තුවේ වර්ධනය ශක්තිමත් තැනක පවතී. 

වසරේ පළමු කාර්තුවේ ඇති වී තිබෙන ආර්ථික ප්‍රසාරණයට මූලික වී ඇත්තේ කර්මාන්ත අංශයේ ක්‍රියාකාරකම් වන අතර, කර්මාන්ත අංශය 9.7% කින් ශක්තිමත් ලෙස ප්‍රසාරණය වී තිබේ. 

සේවා අංශයේ වර්ධනය 2.8% කි. 

කෙසේ වෙතත්, කෘෂිකාර්මික අංශය 0.7% කින් පහත වැටී තිබේ. 

සමස්ත ආර්ථිකයට කෘෂිකාර්මික අංශය 7.6% ක දායකත්වයක් ලබා දෙන අතර, කාර්මික අංශයේ දායකත්වය 26.7% කි. සේවා අංශයේ දායකත්වය 57.4% කි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න