Heading
දේශීය
2025-06-17 8:49 am • Views: 273

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය; "රජයේ කැපවීම ප්‍රශස්තයි. ඒත් නීතිපති දෙපාර්තමේන්තුවේ දායකත්වය අසතුටුදායකයි." සිරිල් ගාමිණී පියතුමා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය; "රජයේ කැපවීම ප්‍රශස්තයි. ඒත් නීතිපති දෙපාර්තමේන්තුවේ දායකත්වය අසතුටුදායකයි." සිරිල් ගාමිණී පියතුමා. 

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාලව යුක්තිය ඉටු කිරීමේ කාර්යය සදහා රජයේ මැදිහත් වීම ප්‍රශස්ත මට්ටමක පැවතියද, ඒ සදහා අත්‍යවශ්‍යම වන නීතිපති දෙපාර්තමේන්තුව ලබා දිය යුතු දායකත්වය අසතුටුදායක තත්ත්වයක පවතින බව ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවසයි. 

“ද මෝර්නිං” පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඔහු මේ බව පවසා තිබේ. 

නව රජය බලයට පත් වීමට පෙර, ගෙවුණු සය වසර තුල, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාල විමර්ශන මුළුමනින්ම නතර වී පැවති බවත්, විමර්ශන යළි ආරම්භ කරන ලද්දේ නව රජය බලයට පත් වීමෙන් පසුව බවත් සිරිල් ගාමිණී පියතු-මා වැඩිදුරටචත් පවසයි. 

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාලව යුක්තිය ඉටු කිරීමේ කාර්යය සදහා නීතිපති දෙපාර්තමේන්තුවේ දායකත්වය ප්‍රමාණවත් නොවන බැවින්, ඒ සදහා වෙනම අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කළ යුතු බවද ඔහු අවධාරණය කරයි. 

අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කරන බවට වන පොරොන්දුව නව රජය බලයට පත්වීමට පෙර ලබා දුන් එකකි. 

එම අභිචෝදක කාර්යාලය හරහා ත්‍රස්තප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීම සහ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව විසින් ලබා දී තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සිදු කළ යුතුව ඇතැයි, සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියත-ුමා තවදුරටත් පවසයි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න