ගම්මන්පිලගේ දෙවන හෙළිදරව්වේ සාරාංශය; 2018 පෙබරවාරියේ සුරේශ් සලෙයි ලංකාවේ හිටියේ නෑ..! ඒ නිසා චැනල් ෆෝ චෝදනාව බොරුවක්..! පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව විසින් සිදු කරන ලද හෙළි දරව්ව පිළිබදව විමර්ශනය කිරීම සදහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි.ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවේ වාර්තාවේ අඩංගු තොරතුරු අද මාධ්‍ය හමුවක් පවත්වමින් උදය ගම්මන්පිල විසින් හෙළි දරව් කරන ලදී. චැනල් ෆෝ නාලිකාවේ ප්‍රධානම චෝදනාව වී තිබුණේ, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ ප්‍රධාන බෝම්බකරු වූ සහරාන් හෂීම් සහ හිටපු හමුදා බුද්ධි ප්‍රධානී සුරේශ් සලෙයි අතර සම්බන්ධයක් තිබුණු බවයි. ඉන් නොනැවතී, පාස්කු ප්‍රහාරය, සුරේශ් සලෙයිගේ අනුදැනුමද ඇතිව සහරාන් විසින් එල්ල කරන ලද්දක් බව චැනල් ෆෝ නාලිකාව විසින් කරන ලද වාර්තා වැඩසටහන හමුවේ පෙනී සිටින අසාද් මවුලානා නමැති පුද්ගලයා චෝදනා කරයි. මෙහිදී අසාද් මවුලානා සිද්ධ කරන තවත් ප්‍රධාන හෙළිදරව්වක් වන්නේ සහරාන් හෂීම් ඇතුලු ත්‍රස්ත කණ්ඩායම සහ සුරේශ් සලෙයි අතර හමුවක් 2018 පෙබරවාරි මාසයේ දී පුත්තලම, වනාතවිල්ලුවේ පිහිටි පොල් ඉඩමක නිවස ක දී සිදුව තිබේ. එස්.අයි. ඉමාම් කමිටුවේ සොයා ගැනීමට අනුව, 2018 පෙබරවාරි මාසය වන විට සුරේශ් සලෙයි ලංකාවේ සිට නැත. ඒ වන විට ඔහු සිට ඇත්තේ මැලේසියාවේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ය. ඊට අමතරව, බුද්ධි අංශ විසින් ලබා දී ඇති තවත් තොරතුරක් ගම්මන්පිල හෙළි කරයි. එනම්, 2018 පෙබරවාරි මාසයට අයත් දිනවලින් එකම දිනයකදීවත් සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම නැගෙනහිර පළාතෙන් පිටතට ගොස් නැත. ඒ නිසා, පුත්තලමේ වනාතවිල්ලුවේ දී සහරාන් ඇතුළු කණ්ඩායම සහ සුරේශ් සලෙයි අතර හමුවක් 2018 පෙබරවාරි මාසයේ පුත්තලම වනාතවිල්ලුවේ දී සිදු වීමට ඉඩක් නැත.
Heading | Heading |
---|
Heading |
---|
2025-05-03 11:53 am
|
Heading |
---|
2025-05-03 9:52 am
|
Heading |
---|
2025-05-03 7:28 am
|
Heading |
---|
2025-05-02 12:56 pm
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|