"සති දෙකක් හෝ තුනකින් සංචාරක සීමා ඉවත්කරනු ඇතැයි අපේක්ෂා කරනවා..!" ඇමති විජිත කියයි. ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට වූ අනතුරු හැගවීම මධ්‍යයේ එක්සත් ජනපදය, ඊශ්‍රායලය, එක්සත් රාජධානිය, ඕස්ටේ්‍රලියාව ඇතුළු රටවල් කිහිපයක්, ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඔවුන්ගේ පුරවැසියන්ට පසුගිය සතියේ දී සංචාරක උපදේශන පනවන ලදී. ඒ ආකාරයේ ප්‍රහාරයක් එල්ලවීමට ඇති අවධානම මඟ හැරවීම සදහා ගත යුතු සියළු ආරක්ෂක පියවර රජය මේ වන විට ගෙන ඇති බැවින්, ඉදිරි සති දෙක හෝ තුන ඇතුළත අදාල රටවල් එකී මාර්ගෝපදේශ ඉවත් කරනු ඇතැයි රජය අපේක්ෂා කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පත සමග පවසා තිබේ. මේ ගැටළුවට ජනාධිපතිවරයා සෘජුව සම්බන්ධ වී සිටින බව පවසා ඇති විජිත හේරත් අමාත්‍යවරයා, මේ වනවිටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, එක්සත් ජනපදය, ඊශ්‍රායලය, ඕස්ට්රේලියාව, එක්සත් රාජධානිය යන රටවල මෙරට තානාපතිවරු හමු වී ඔවුන්ගේ පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කර තිබෙන බව දැනුම් දී ඇති බවද පවසයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-05-03 11:53 am
|
Heading |
---|
2025-05-03 9:52 am
|
Heading |
---|
2025-05-03 7:28 am
|
Heading |
---|
2025-05-02 12:56 pm
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|