Heading
දේශීය
2026-02-25 11:37 am • Views: 32

දේශබන්දුගේ මෙහෙයවීමෙන් සිදු වූ වැලිගම ඩබ්.ෆිෆ්ටීන් හෝටලයේ වෙඩි තැබීමට සම්බන්ධ වූ හිටපු අයි.පී කටුනායක දී අත්අඩංගුවට..!

දේශබන්දුගේ මෙහෙයවීමෙන් සිදු වූ
වැලිගම ඩබ්.ෆිෆ්ටීන් හෝටලයේ වෙඩි තැබීමට
සම්බන්ධ වූ හිටපු අයි.පී
කටුනායක දී අත්අඩංගුවට..!
වැලිගම ඩබ්. ෆිෆ්ටීන් හෝටලයට වෙඩි තැබීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවකු වන හිටපු පොලිස් පරීක්ෂක, ජගත් නිශාන්ත යන අය අද කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ඔහු, විදෙස්ගතව සිට ආපසු එමින් සිටිය දී ය.
වැලිගම ඩබ්. ෆිෆ්ටීන් හෝටලයට වෙඩි තැබීමේ සිදුවීම 2023 වසරේ දෙසැම්බර් 31 වන දා සිදු විය.
වෙඩි තැබීමේ සිදුවීම නීති විරෝධීව සිදු කළ එකක් වූ අතර, එය එවකට වැඩබලන පොලිස්පතිවරයා වූ දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාශයට සම්බන්ධ කණ්ඩායමක් විසින් සිදුකර තිබුණි.
වෙඩි තැබීමට සම්බන්ධ වූ එක් පොලිස් නිළධාරියෙකු මියගොස් තිබුණි.

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න