ගල් අඟුරු ටෙන්ඩරය;
පරීක්ෂණ වාර්තාවල ගැටළු සෙවීමටත්,
පාඩුව ගණනය කිරීමටත්,
විශේෂඥ කමිටුවක් පත් කරයි.
මොරටුව සහ ජපුර විශ්ව විද්යාලවල
මහාචාර්යවරු සහ ආචාර්යවරු හය දෙනෙක්.
ගල් අගුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ, අදාල ගල් අගුරු තොගයේ තත්ත්වය පිළිබඳව ඉදිරිපත් කර තිබෙන පරීක්ෂණ වාර්තාවල තාක්ෂණික ගැටළු සොයා බැලීමටත්, ප්රමිතියෙන් තොර බාල ගල් අගුරු ආනයනයෙන් රටට සිදු වන පාඩුව ගණනය කිරීමටත්, මොරටුව සහ ශ්රී ජයවර්ධනපුර යන විශ්ව විද්යාලවල සේවයේ නියුතු මහාචාර්යවරු සහ ආචාර්යවරු හය දෙනෙකුගෙන් සහ බලශක්ති අමාත්යංශයේ නියෝජිතයෙක් කැදවුම්කරු ලෙස නම් කර තිබෙන සත් සාමාජික විශේෂඥ කමිටුවක් රජය පත් කර තිබේ.
අදාල කමිටුව පහත පුද්ගලයන්ගෙන් සමන්විතය.
1. මහාචාර්ය ඩබ්.ඩී.ඒ.එස් රොද්රිගෝ [සභාපති] විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුව, මොරටුව විශ්ව විද්යාලය.
2. ආචාර්ය එන්.ඒ. අයි. ඩී. නිස්සංක [සාමාජික] ජ්යේෂ්ඨ කථිකාචාර්ය, යාන්ත්රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව, මොරටුව විශ්ව විද්යාලය.
3. ආචාර්ය අයි.යූ.අත්තනායක [සාමාජික] ජ්යේෂ්ඨ කථිකාචාර්ය, යාන්ත්රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව, මොරටුව විශ්ව විද්යාලය.
4. ආචාර්ය ආර්.එම්.ඩී.එස්. ගුණරත්න [සාමාජික] ජ්යේෂ්ඨ කථිකාචාර්ය, රසායනික හා ක්රියාවලි ඉංජිනේරු, මොරටුව විශ්ව විද්යාලය.
5. ආචාර්ය උදිත් විජයවර්ධන [සාමාජික] විදුලි හා ඉලෙක්ට්රොනික් ඉංජිනේරු දෙපාර්තමේන්තුව, ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලය.
6. ආචාර්ය ගීතාල් සිරිවර්ධන [සාමාජික] යාන්ත්රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව, ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලය.
7. කේ.එල්.ආර්.සී. විජයසිංහ [කැඳවුම්කරු ] අතිරේක ලේකම් විදුලිබල හා විදුලිබල අංශ ප්රතිව්යුහගතකරණ අංශය බලශක්ති අමාත්යාංශය