Heading
දේශීය
2026-01-16 12:55 pm • Views: 159

එක්නැලිගොඩ නඩුවේ සැකකාර හමුදා බුද්ධි නිළධාරියෙකුට උසස්වීමක්...!

එක්නැලිගොඩ නඩුවේ
සැකකාර හමුදා බුද්ධි නිළධාරියෙකුට
උසස්වීමක්...!
මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ අත-ුරුදන් කිරීමට අදාල නඩුවේ, ප්රධාන සැකකරුවකු ලෙස නම් කර සිටින එරන්ත රදීෂ් පීරිස් නමැති යුද හමුදා බුද්ධි නිළධාරියා, බ්රිගේඩියර් දූරයට උසස් කර ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය ප්රකාශ කර සිටින සන්ධ්යා එක්නැලිගොඩ, මෙම උසස් වීම ආපසු හැරවීමට මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියි.
උසස්වීම් ලැබ සිටින හමුදා නිළධාරියාට එරෙහිව, නීතිපතිවරයා විසින්, 2019 වසරේ දී, මිනීමැරුම් චෝදනා ඇතුළව අධි චෝදනා 17 ක් ගොනු කර තිබේ.
එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබෙන විමර්ශන අනුව, එරන්ත රදීස් පීරිස් නමැති එම හමුදා බුද්ධි නිළධාරියා, එක්නැලිගොඩ පැහැරගැනීමට සම්බන්ධ බවට තහවුරු කරගෙන තිබේ.

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න