Heading
දේශීය
2025-10-21 9:41 am • Views: 329

ජනවාරි සිට සැප්තැම්බර් දක්වා සෘජු විදේශ ආයෝජන ලැබීම් ඩොලර් මිලියන 827 ක්.

ජනවාරි සිට සැප්තැම්බර් දක්වා සෘජු විදේශ ආයෝජන ලැබීම් ඩොලර් මිලියන 827 ක්. පසුගිය වසර හා සැසදීමේ දී 138%ක වර්ධනයක්. 

2025 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අනුමත කරන ලද ව්‍යවසායන් සදහා විදේශ වාණිජ ණය ඇතුළුව  සෘජු විදේශ ආයෝජන ගලා ඒම  ඇමරිකානු ඩොලර් මිලියන 827 ක් බව වාර්තා වේ. 

පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය හා සසදා බැලීමේ දී මෙම වාසය තුළ සෘජු විදේශ ආයෝජන ගලා ඒම් වල වර්ධනය 138% කි. 

ආයෝජන ගලා ඒම මූලාශ්‍ර හතරක් ඔස්සේ සිදුව තිබේ. 

කොටස් ප්‍රාග්ධනය ගලා ඒම ඩොලර් මිලියන 133 කි. 

නැවත ආයෝජනය කරන ලද රදවා ගත් ඉපැයීම් ඩොලර් මිලියන 132  කි. 

ආයෝජන සදහා සමාගම් අභ්‍යන්තර විදේශ ණය ගැනීම් ඩොලර් මිලියන 231 කි. 

ආයෝජන සදහා දිගුකාලීන විදේශීය ණය ගැනීම් ඩොලර් මිලියන 331 කි.  

මුළු ගලා ඒම් වලින් ඩොලර් මිලියන 124 ක් 2025 දී ආයෝජන මණ්ඩලය සමඟ අත්සන් කරන ලද ව්‍යාපෘති ගිවිසුම් හරහා සුරක්ෂිත කරන ලද අතර, ඉතිරිය පවතින ව්‍යවසායන් විසින් නැවත ආයෝජන සහ පුළුල් කිරීම් වලින් ජනනය කරන ලදී. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න