Heading
දේශීය
2025-10-07 9:16 am • Views: 172

“ගෝලීය අවිනිශ්චිතතා මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව ශක්තිමත් සහ ඔරොත්තු දෙන ප්‍රකෘතියක් ලබා තිබේ..!” ආසියානු සංවර්ධන බැංකුව කියයි.

“ගෝලීය අවිනිශ්චිතතා මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව ශක්තිමත් සහ ඔරොත්තු දෙන ප්‍රකෘතියක් ලබා තිබේ..!” ආසියානු සංවර්ධන බැංකුව කියයි. 

ගෝලීය අවිනිශ්චිතතාවයන් මධ්‍යයේ වුවද වසරේ මේ දක්වා ශ්‍රී ලංකාව ශක්තිමත් සහ ඔරොත්තුදෙන ප්‍රකෘතියක් ලබා ඇති බව ආසියානු සංවර්ධන බැංක-ුවේ ආර්ථික විද්‍යාඥයන් පිළිගෙන තිබේ. 

දේශීය ඉල්ලුම ඉහළ යාම මෙකී වර්ධනයට ප්‍රධාන වශයෙන්ම බලපා ඇති බව ඔවුන්ගේ අදහසයි. ඒ අනුව, ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළ කාර්තු අටක් මේ වන විට ශ්‍රී ලංකාව සම්පූර්ණ කර තිබේ. 

ආර්ථික වර්ධනය අඛණ්ඩව ඉදිරියටත් සිද්ධ වනු ඇති නමුත්, ගෝලීය බාධක හේතුවෙන් ලබන වසරේ දී එහි යම් මන්දගාමීත්වයක් පෙන්නුම් කරනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකු-ව පුරෝකථනය කරයි. 

පරිභෝජනය යථා තත්ත්වයට පත් වීම, ප්‍රේෂණ ඉහළ යාම සහ පුද්ගලික ණය ගැනීම් ඉහළ යාම, ආර්ථිකය මෙබදු ගම්‍යතාවයක් පෙන්නුම් කිරීමට හේතු වී ඇතැයි, ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතවරියක වන ආර්ථික විද්‍යාඥ ලිලියා අලෙක්සන්යන් ඩේලි එෆ්.ටී පුවත්පත සමඟ පවසා තිබේ.  

කෙසේ වෙතත්, එක්සත් ජනපද තීරු බද්ද, 2025 වසරේ දී ලංකාව කෙරෙහි මද වශයෙන් බලපෑවද, 2026 වසරේ දී ආර්ථික වර්ධනය සහ සේවා නියුක්තිය යන අංශ සදහා එය දැඩි ලෙස බලපානු ඇතැයි ඈ අනුමාන කරයි.

ආසියානු සංවර්ධන බැංකුව විසින්, මේ වසරේ සැප්තැම්බරයේ දී නිකුත් කර තිබෙන “ආසියානු සංවර්ධන දැක්ම” තුළ 2025 වසර සදහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය, කලින් පුරෝකථනය කර තිබුණු  3.9% ක් ලෙසම තවදුරටත් පවත්වාගෙන ගොස් ඇති අතර, 2026 වසර සදහා වන පුරෝකථනය, 3.4% සිට 3.3% දක්වා සුළු වශයෙන් පහත හෙලා ඇත. 

ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කර තිබුණු දත්ත අනුව, පළමු කාර්තුව තුළ 4.8% ක වර්ධනයක් පෙන්මුක් කළ ලංකාවේ ආර්ථිකය දෙවන කාර්තුවේ දී 4.9% දක්වා වර්ධනය වී තිබුණි.  

එය ආසියානු සංවර්ධන බැංකුව කර තිබුණු අනුමානයන් ඉක්මවා යෑමකි. 

මේ පිළිබදව ද ආසියානු සංවර්ධන බැංක-ුව සිය ප්‍රසාදය පළ කර තිබේ. 

කෙසේ වෙතත්, ලංකාවේ ආර්ථිකය වඩාත් ශක්තිමත් කිරීම සදහා ව්‍යුහාත්මක වෙනස් කම් සිදු කිරීම මෙන්ම, විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම තීරණාත්මක සාධකයක් බවද ආසියානු සංවර්ධන බැංකුවේ ආර්ථික විද්‍යාඥයන් අවධාරණය කර තිබේ. 

මේ පිළිබදව ඩේලි එෆ්.ටී පුවත්පත පළ කර තිබෙන සම්පූර්ණ වාර්තාව කමෙන්ට් තීරුවට එක්කර තිබේ. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න