
අනීතික දේපලක් වෙනුවෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂට රුපියල් ලක්ෂ 88 ක වන්දි මුදලක් මුදා හැරීම; හානිපූරණය සදහා වන කාර්යාලයේ හිටපු අතිරේක ලේකම් සහ අධ්‍යක්ෂක අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් කොමිසම කියයි. පසුගිය අරගල සමයේ ගිනිබත් වූ, නීත්‍යනුකූලව ඔහුට හිමි නොවූ දේපළක් වෙනුවෙන්, රුපියල් ලක්ෂ අසූ අටක වන්දි මුදලක් ලබා ගැනීමෙන් මූල්‍ය වංචාවක් සිදු කර ඇති බවට වන චෝදනාව මත, හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ, මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතකර සිටියි. මෙම සිදුවීම සම්බන්ධයෙන්, ශෂීන්ද්‍ර රාජපක්ෂ වෙත අදාල වන්දි වන්දි මුදල මුදා හැරීමට කටයුතු කළ හානිපූරණය සදහා වන කාර්යාලයේ ඉහළ නිළධාරින් කිහිප දෙනෙකුද අත්අඩංගුවට ගැනීමට නියමිත බව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දී තිබේ. ඒ අනුව, හානිපූරණය සදහා වන කාර්යාලයේ හිටපු අතිරේක ලේකම් සහ අධ්‍යක්ෂකවරයා නුදුරේදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|