
“ගන්සයිට්” භූගත වධකාගාරය තුළ රදවා සිටි පුද්ගලයෙකු අතුරුදන් කිරීම; හිටපු නාවික හමුදා බුද්ධි ප්‍රධානියාත් රක්ෂිත බන්ධනාගාරගත කරයි. නාවික හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂක විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් මොහොට්ටි, සැප්තැම්බර් මාසයේ 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකරන ලෙස පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. පුද්ගලයෙකු- පැහැරගෙන යාම සහ අදාල පුද්ගලයා ත්‍රීකුණාමලය නාවික හමුදා කදවුර තුළ පවත්වාගෙන ගොස් ඇති බව කියන “ගන් සයිට්” නමැති වධකාගාරය තුළ රදවා තබාගෙන, පසුව ඔහු අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයට අදාලව හිටපු නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන්, මීට පෙර, හිටපු නාවික හමුදාපති, නිශාන්ත උළුගේතැන්න ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබී ය. මේ වන විට නිශාන්ත උළුගේතැන්න ද රක්ෂිත බන්ධනාගාරගතව සිටියි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|