Heading
දේශීය
2025-09-03 2:21 am • Views: 742

“සාමාජ මාධ්‍යයේ යන ආකාරයේ ලියුමක් වුල්වහැම්ටන් විශ්ව විද්‍යාලයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයට ලැබී නෑ..!” ඇමති ආනන්ද විජේපාල.

“සාමාජ මාධ්‍යයේ යන ආකාරයේ ලියුමක් වුල්වහැම්ටන් විශ්ව විද්‍යාලයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයට ලැබී නෑ..!” ඇමති ආනන්ද විජේපාල. 

පෞද්ගලික කටයුත්තක් වන සිය බිරිදගේ උපාධි ප්‍රධානෝත්සවයට සහභාගී වීම සදහා රජයේ මුදල් අවභාවිතා කර ඇති බවට වන චෝදනාව මත, පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගනු ලැබී ය.

විමර්ශන නිළධාරීන් පවසා තිබුණේ අදාල සංචාරය රාජ්‍ය තාන්ත්‍රික නිල සංචාරයක් නොවන බවට ප්‍රමාණවත් සාක්ෂි ඔවුන් සතුව ඇති බවයි. 

කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වය එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබුණි. 

ඔවුන් පවසා තිබුණේ, වුල්වහැම්ටන් නමැති අදාල විශ්ව විද්‍යාලය, හිටපු ජනාධිපතිවරයාට, එම උත්සවයට සහභාගී වන ලෙස දැනුම් දෙමින් ලිඛිත ආරාධන පත්‍රයක් එවා ඇති බවයි. 

මෙම ආන්දෝලනය මධ්‍යයේ, වුල්වහැම්ටන් විශ්ව විද්‍යාලයේ ලේකම්වරිය වන ක්‍රිස්ටීනා ෆ්‍රේසර්, හිටපු ජනාධිපති වරයාගේ කාර්යාලයට ලිපියක් යොමු කරමින්, 2023 වසරේ පැවති අදාල උපාධි ප්‍රධානෝත්සවය සදහා හිටපු ජනාධිපතිවරයාට සහ ඔහුගේ බිරිදට, නිල වශයෙන් දැනුම් දුන් බව තහවුරු තිබේ. 

වුල්වහැම්ටන් විශ්ව විද්‍යාලයේ ලේකම්වරිය විසින් යොමු කරන ලද එම ලිපිය, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය මාධ්‍යයටද මුදා හැරියේය. 

මේ සම්බන්ධයෙන්, ඊයේ ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වූ දේශපාලන සංවාදයකට සහභාගී වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගෙන් එම වැඩසටහන මෙහෙය වූ මාධ්‍යවේදියා විමසා සිටියේ ය. 

එහිදී, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා සිටියේ, සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වන එවැනි ආකාරයෙන් ලිපියක් වුල්වහැම්ටන් විශ්ව විද්‍යාලයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයට ලැබී නැති බවයි. 

විදේශ කටයුතු අමාත්‍යංශය ඒ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් දැනුම් දී ඇති බවද ඔහු පැවසී ය. 

එමෙන්ම, හිටපු ජනාධිපතිවරයාගේ එකී ආන්දෝලනාත්මක සංචාරය පිළිබදව හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම් සහ ජනාධිපති ලේකම් ද ඇතුළුව 37 දෙනෙගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති නමුත්, කිසිවකු එවැනි ආකාරයෙන් ලිපියක් ලැබී ඇති බව තහවුරු කර නැති බවද පැවසී ය. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න