Heading
දේශීය
2025-09-03 10:35 am • Views: 244

කට්ටිපනිමින් සිටි රාජිත සේනාරත්න අද මාංචු පිටින්ම අල්ලස් කොමිසමට රැගෙන එයි.

කට්ටිපනිමින් සිටි රාජිත සේනාරත්න අද මාංචු පිටින්ම අල්ලස් කොමිසමට රැගෙන එයි. 

ධීවර අමාත්‍යවරයාව සිටිය දී කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කොන්තරාත්තුව නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව කොරියානු සමාගමකට පවරා දීමෙන් රජයට දැවැන්ත මූල්‍ය අලාභයක් සිදු කර ඇති බවට චෝදනා ලැබ, රක්ෂිත බන්ධනාගාරගතකර සිටින රාජිත සේනාරත්න, අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට රැගෙන විත් ඇති බව වාර්තා වේ. 

අල්ලස් කොමිසම, ඉහත සදහන් කර තිබෙන විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා රාජිත සේනාරත්න පසුගිය ජූලි පළමුවැනිදා එම කොමිසම හමුවට කැදවා තිබුණි. 

නමුත් ඔහු දිගින් දිගටම කොමිසම හමුවේ පෙනී සිටීම මගහැර සිටියේ ය. පසුව අල්ලස් කොමිසමේ ඉල්ලීම මත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අගෝස්ත-ු මාසයේ මුල් සතියේ දී රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කළේ ය. 

එම නියෝගයද මගහරිමින් තවත් සති කිහිපයක් ගත කළ රාජිත සේනාරත්න, අවසානයේ දී පසුගිය අගෝස්තු 29 වන දා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියේ ය. 

එදිනම ඔහු අත්අඩංගුවට ගනු ලැබී ය. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න