ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේට ඇප නෑ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකරන ලද ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ සැප්තැම්බර් 11 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තබන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ අත්අඩංගුවට ගෙන තිබුණේ අපරාධකල්ලි සාමාජිකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සේවය ලබා ගැනීමට පොලිසියට පැමිණි සිවිල් පුරවැසියන් යන අයගෙන් අල්ලස් ලෙස රුපියල් ලක්ෂ 140 කට වඩා වැඩි මුදලක් ලබාගෙන ඇති බවට චෝදනා කරමිනි. අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී වාර්තා වූ එකී රුපියල් ලක්ෂ 140 ට අමතරව, අදාල සැකකරුට අයත් තවත් බැංකු ගිණුමක රුපියල් ලක්ෂ 116 ක මුදලක්ද තිබෙන බව අල්ලස් හෝද දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට වාර්තා කර තිබේ. එම මුදල අවස්ථා කිහිපයක දී අදාල බැංකු ගිනුමට බැර කර තිබෙන්නේ ඔහුගේ රියැදුරා සහ පොලිස් කොස්තාපල්වරයෙකු විසිනි.
Heading | Heading |
---|
Heading |
---|
2025-09-03 10:35 am
|
Heading |
---|
2025-09-01 8:54 am
|
Heading |
---|
2025-09-01 7:40 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|