
නියෝජ්‍ය පොලිස්පතිපති උදිත් ලියනගේ අත්අඩංගුවට..! කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද උදෑසන් අත්අඩංගුවට ගෙන තිබේ. අද උදෑසන අත්අඩංගුවට ගනු ලැබූ නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ ගේ බිරිද ඇතුළු අට දෙනෙකු මීට පෙර, අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ නිධන් හෑරීමට දැරූ උත්සාහයක් සම්බන්ධයෙනි. සිය බිරිද නිධන් හෑරීමට යන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කල්තියා දැනන් සිට ඇති අතර, ඇය ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් බේරා ගැනීමට මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා අනුරාධපුර පොලිස් ප්‍රධානීන්ට බලපෑම් කර ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ. බිරිද නිධන් හාරන අවස්ථාවේ නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ අනුරාධපුරයේ සිට ඇති බව ද වාර්තා වේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|