Heading
දේශීය
2025-08-20 2:09 am • Views: 534

මාලිමා ආණ්ඩුවට එරෙහිව පරාජිතයන්ගේ කදවුරක්..!

මාලිමා ආණ්ඩුවට එරෙහිව පරාජිතයන්ගේ කදවුරක්..!

ජාතික ජනබලවේගය රජයට එරෙහිව ශක්තිමත් බලවේගයක් ගොඩ නැගීම සදහා විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් කටයුතු කරමින් සිටින ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. 

ජී.එල්.පීරිස් මහතාගේ ආරාධනයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් පසුගිය දා රැස්ව තිබුණු අතර, එය මෙම නව බලවේගය ගොඩ නැගීම සදහා වන සාකච්ඡාවලම දිගුවක් බව පුවත්පත වාර්තා කරයි. 

කෙසේ වෙතත්, ඉදිරි හමුවීම් මාධ්‍යයට අනාවරණය නොකිරීමට ඊට සහභාගී වන සියළු දෙනා එකඟ වී තිබේ. 

තවමත් කළල අවදියේ පසුවන මෙම සන්ධානයේ කැදවුම්කරු ලෙස ජී.එල්. පීරිස් කටයුතු කරයි. පක්ෂ, කණ්ඩායම් සහ දේශපාලන චරිත, මෙම සන්ධානය සමඟ එකතු කිරීමේ වගකීම භාරගෙන ඇත්තේ මිලින්ද මොරගොඩයි. 

තවමත්, රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂය මෙම සන්ධානය සමඟ එකතු වී නැත. නමුත්, හිටපු ජනාධිපතිවරයා ඒ හා එක් වීමට ඉතා දැඩි උවමනාවක් පසුවන බවත්, ඉදිරි හමුවීම් සදහා සිය නියෝජිතයෙකු සහභාගී කරවීමටත් තීරණය කර තිබෙන බව වාර්තා වේ. 

මෙම නව සන්ධානයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ද ආරාධනා කර තිබෙන අතර, ඔහු එක හෙලා එම ආරාධනාව ප්‍රතික්ෂේප කර තිබෙන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. එමෙන්ම, එම නව සන්ධානය සමඟ එකතු නොවන ලෙස විපක්ෂ නායකවරයා සිය සාමාජිකයන්ගෙන් ඉල්ලා තිබේ. 

මේ මත පදනම්ව, සමගි ජන බලවේගය තුළ නැවත යම් අර්බුධකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බවද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. 

විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකතුවකින් ගොඩ නැගීමට නියමිත මෙම නව දේශපාලන බලවේගයට නාමල්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සම්බන්ධ කර නොගැනීමට ඊට සම්බන්ධ සියළු පාර්ශ්ව පොදු එකඟතාවයකට පැමිණ තිබෙන බවද පැවසේ. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න