Heading
දේශීය
2025-08-18 8:23 am • Views: 462

2015 සිද්ධියක්..! බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිෂමෙන් විමර්ශනයක්..!

2015 සිද්ධියක්..! බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිෂමෙන් විමර්ශනයක්..!

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් අරඹා ඇති බව වාර්තා වේ. 

මෙම විමර්ශනයට පාදක වන්නේ, කුමාර ජයකොඩි මහතා 2015 වසරේ පොහොර සංස්ථාවේ කටයුතු කරමින් සිටිය දී සිදුව ඇති බව කියන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙනි. 

එවකට ඔහු පොහොර සංස්ථාවට සම්බන්ධ ටෙන්ඩර් කමිටුවක ප්‍රධානියාව සිට ඇති අතර, එහි දී පොහොර සංස්ථා පරිශ්‍රයේ තාර දැමීමකට සම්බන්ධ ටෙන්ඩරයට අනුමැතිය ලබා දීම වටා අමාත්‍යවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනාව ගොඩ නැගී තිබේ. 

කෙසේ වෙතත්, මෙම චෝදනාව පිළිබදව පසුගිය දා දෙරණ 360 සංවාදයේ දී නිවේදකයා විසින් විමසූ විට, අමාත්‍යවරයා එම චෝදනාව ප්‍රතික්ෂේප කළේ ය. 

ඔහු එහිදී පවසා සිටියේ, ටෙන්ඩර් කමිටුවේ ප්‍රධානියා ලෙස තමන්ට එහි වගකීමක් ඇති නමුත්, තමන් එම දූෂණයට කිසිසේත්ම සම්බන්ධ නැති බවයි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න