Heading
දේශීය
2025-08-14 10:52 am • Views: 517

“වගකීම දරන්නේ ඇමති නිසා නියෝජ්‍ය ඇමතිට විශ්වාස භංගයක් ගෙන ආ හැකිද...?” නියෝජ්‍ය ආරක්ෂක ඇමතිට එරෙහිව ගේන විශ්වාස භංගයට ආණ්ඩුවෙන් බාල්දියක්..!

“වගකීම දරන්නේ ඇමති නිසා  නියෝජ්‍ය ඇමතිට විශ්වාස භංගයක් ගෙන ආ හැකිද...?” නියෝජ්‍ය ආරක්ෂක ඇමතිට එරෙහිව ගේන  විශ්වාස භංගයට ආණ්ඩුවෙන් බාල්දියක්..!


නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව, විසි දෙනෙකුගේ පමණ අත්සන් සහිත විශ්වාස භංග යෝජනාවක් පසුගිය අඟහරුවාදා දිනයේ දී විපක්ෂයේ මන්ත්‍රීවරු විසින් කතානායකවරයාට භාර දෙනු ලැබී ය. 

කෙසේ වෙතත්, නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ආ හැකි ද යන ප්‍රශ්නය ආණ්ඩුව තුළ මේ වන විට බරපතල ලෙස සාකච්ඡා වෙමින් පවතින බව “ලංකාදීප” වෙබ් අඩවිය වාර්තා කරයි. 

ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර තිබෙන ආකාරයට, යම් විෂයක් සම්බන්ධයෙන් වගකීම දරන්නේ නියෝජ්‍ය අමාත්‍යවරයා නොව, අමාත්‍යවරයා වන බැවින්, නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ආ හැකිද යන්න පිළිබදව සොයා බලමින් සිටින බව රජයේ නියෝජිතයෙකු ඔවුන් (ලංකාදීප වෙබ් අඩවිය) සමග පවසා තිබේ.

එමෙන්ම, මීට පෙර කිසිදු අවස්ථාවක නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජානව් ඉදිරිපත් වී නැති බවද අදාල නියෝජිතයා ලංකාදීප වෙබ් අඩවියට පවසා තිබේ. 

ලංකාවෙන් පමණක් නොව, ඉන්දියාවෙන් හෝ එවැනි අවස්ථාවක් වාර්තා නොවන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. 

 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න