Heading
දේශීය
2025-08-11 3:26 am • Views: 1252

"ඔන්ලයින් ප්‍රවේශපත්‍ර මාෆියාව අවසන්..!" දුම්රිය දෙපාර්තමේන්තුව.

"ඔන්ලයින් ප්‍රවේශපත්‍ර මාෆියාව අවසන්..!" දුම්රිය දෙපාර්තමේන්තුව. 

මගීන්ගෙන් තොර හිස් දුම්රිය මැදිරි කිහිපයක ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වෙයි. 

අදාල දුම්රිය මැදිරි හිස්ව තිබුනද, මෙහි ඇති සියළු ආසන මුදල් ගෙවා කිසියම් පාර්ශ්වයක් අන්තර් ජාලය ඔස්සේ වෙන්කරවාගෙන අවසන් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 

කෙසේ වෙතත්, ප්‍රවේශපත්‍ර වෙන්කර ගත යුත්තේ, අදාල දුම්රියේ ගමන් ගන්නා මගියාගේ ජාතික හැදුනුම්පත් අංකය හෝ විදෙස්ගමන් බලපත්‍ර අංකය ලබා දීමෙන් බවට වන නියෝගයක් දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ. ඒ අනුව, අදාල මගියා දුම්රියට ගොඩවන අවස්ථාවේ දී, ඔහු හෝ ඇය වෙන්කරගත් ප්‍රවේශපත්‍රයේ තිබෙන ජාතික හැදුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත් අංක, ඔහුගේ ජාතික හැදුනුම්පතේ හෝ විදෙස් ගමන් බලපතේ අංක සමග සැසදෙන්නේ දැයි පරීක්ෂා කරනු ලබයි. 

එසේ නොවන්නේ නම්, වෙන්කරගත් ප්‍රවේශපත්‍රය ඉදිරිපත් කළ ද අදාල මගියාට දුම්රියට ගොඩ වීමට නොහැක. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න