Heading
දේශීය
2025-07-24 11:42 am • Views: 439

ආන්දෝලනාත්මක වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය සජබ තහවුරු කර ගනී.

ආන්දෝලනාත්මක වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය සජබ තහවුරු කර ගනී. 

වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට අද සමගි ජන බලවේගයට හැකි විය. 

වැලිගම ප්‍රාදේශීය සභාව සදහා සභාපතිවරයෙකු තෝරා ගැනීමට, ජූනි විසි හත් වන දා සභාව මුල් වරට රැස් වූ අවස්ථාවේ දී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු දෙදනෙකු පැහැර ගැනීමට ලක් වූ බව වාර්තා වූවෙන්, සභාපති තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද දක්වා කල් තැබීමට සිදු විය. 

සභාපතිවරයා තෝරා ගැනීම සදහා අද පැවති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයෙන් ඒ සදහා ඉදිරිපත් වූ ලසන්ත වික්‍රමසේකර සභාපති ධූරයට තේරී පත් විය. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න