පළමු මාස 5 තුළ රාජ්‍ය ආදායම රුපියල් ට්රිලියන 2 ක්. පසුගිය වසර හා සැසදීමේ දී 20% ක වර්ධනයක්. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර තිබෙන නවතම දත්ත අනුව, වසරේ මුල් මාස පහ තුළ, රුපියල් බිලියන 1942 ක (රුපියල් ට්‍රිලියන 1.94) රාජ්‍ය ආදායමක් වාර්තා වන අතර, එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය හා සසදා බැලීමේ දී 20% ක වර්ධනයකි. වාර්තා වී තිබෙන රුපියල් බිලියන 1,942 ක් වූ රාජ්‍ය ආදායමෙන් රුපියල් බිලියන 1,802 ක්, බදු වශයෙන් උපයා ඇති ආදායමයි. පසුගිය මැයි මාසයේ සමස්ත ආදායම් රැස් කිරීම රුපියල් බිලියන 486 ක් වූ අතර, එය මේ වසරේ එක් මාසයක් තුළ වාර්තා වූ ඉහළම ආදායම් අගයයි. 2024 දී සමස්ත රාජ්‍ය ආදායම රුපියල් ට්රිලියන 4 ක් ලෙස වාර්තා විය. ඊට පෙර වසරේ, එනම් 2022 වසරේ රාජ්‍ය ආදායම රුපියල් ට්‍රිලියන 3 කි. මහබැංකු දත්ත අනුව, 2025 වසරේ මැයි දක්වා වූ කාලය සදහා, ශුද්ධ වියදම රුපියල් බිලියන 2179 කි. ඒ අනුව, මුල් මාස පහ තුළ අයවැය පරතරය රුපියල් බිලියන 266.5 කි. එම අයවැය පරතරය, පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදයට අදාලව වාර්තා වූ රුපියල් බිලියන 366.8 ක් වූ අයවැය පරතරයට සාපේක්ෂව අඩු වීමක් පෙන්නුම් කරයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-08-16 12:57 pm
|
Heading |
---|
2025-08-16 8:13 am
|
Heading |
---|
2025-08-15 9:41 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|