Heading
දේශීය
2025-07-21 8:49 am • Views: 409

වසරේ මුල් මාස 7 ට දූෂිත රාජ්‍ය නිළධාරීන් 31 ක් අල්ලස් කොමිසම අත්අඩංගුවට ගනී.

වසරේ මුල් මාස 7 ට දූෂිත රාජ්‍ය නිළධාරීන් 31 ක් අල්ලස් කොමිසම අත්අඩංගුවට ගනී. 

විදුහල්පතිවරු, පොලිස් නිළධාරීන්, කම්කරු දෙපාර්තමේන්තුවේ සහ 

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිළධාරීන් 

මේ වසරේ ජනවාරි මාසයේ සිට ජූලි දක්වා වු කාලය තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි 2138 ක් ලැබී ඇති බවත්, ඒ අනුව වැටලීම් 44 ක් සිදු කර දූෂිත රාජ්‍ය නිළධාරීන් 31 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 

අත්අඩංගුවට ගත් පිරිස අතර, විදුහල්පතිවරු, පොලිස් නිළධාරින්, කම්කරු සහ මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන් සිටින බව අල්ලස් කොමිසම වාර්තා කරයි. 

නීති විරෝධීව වාහනයක් ලියා පදිංචි කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පසුගිය සතියේ දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිළධාරීන් තිදෙනෙකු- අත්අඩංගුවට ගෙන තිබුණු අතර, අත්අඩංගුවට ගත් පිරිස අතර, සහකාර කොමසාරිස්වරයෙකු, විමර්ශන නිළධාරියෙකු සහ සංවර්ධන සහායකයෙකු  විය. 

මැයි මාසයේ සිදු කළ හදිසි වැටලීමකදී, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඇතුළු නිළධාරින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් අතර, එම පිරිස විසින් එකී සතිය තුළ අල්ලස් ලෙස ලබාගෙන  තිබුණු එැපියල් ලක්ෂ 41 ක මුදලක් ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිය භාරයට ගන්නා ලදී. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න