30% තීරුබද්ද තව පහතට දමා ගැනීමේ අභියෝගය..! ඇමරිකාවෙන් ඉන්ධන ආනයනය කිරීමට රජයේ අවධානය යොමු වෙයි. ට්‍රම්ප් පරිපාලනය විසින් ලංකාවට පනවා ඇති නව තීරු බදු අනුපාතය තීරණය වන්නේ වෙළද පරතරය මතයි. ලංකාව, වාර්ෂිකව ඇමරිකාව වෙත කරනු ලබන අපනයනවල වටිනාකම ඩොලර් බිලියන 3 කට ආසන්න වන අතර, ඇමරිකාවෙන් කරනු ලබන ආනයනයවල වටිනාකම ඩොලර් මිලියන 368.2 කට ආසන්නය. මේ පරපතරය ගණනය කිරීමෙන් පසුව 44% ක තීරුබද්දක් ලංකාවෙන් කරනු ලබන අපනයන මත පැනවීමට ට්‍රම්ප් පරිපාලනය කටයුතු කළ අතර, පසුව, දෙරටේ නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස එම තීරුබදු අනුපාතය 30% දක්වා අඩු කිරීමට කටයුතු කර තිබේ. 30% ක එම තීරුබදු අනුපාතය තවදුරටත් අඩු කර ගැනීම ලංකාවේ අපේක්ෂාවයි. ඒ අරමුණ ඇතිව සාකච්ඡා සදහා එළඹ සිටින ශ්‍රී ලංකාවේ නියෝජිතයන්, එක්සත් ජනපදය සමග වෙළද පරතරය අඩුකර ගැනීම සදහා, එරටින් ඉන්ධන ආනයනය කිරීම පිළිබදව සැලකිලිමත් වන බව වාර්තා වේ. ඩේලි මිරර් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මහාචාර්ය අනිල් ජයන්ත මේ බව අනාවරණය කර තිබේ. ලංකාව, ඉන්ධන ආනයනය සදහා වාර්ෂිකව ඩොලර් බිලියන 4.3 ක මුදලක් වැය කරයි. එක්සත් ජනපදයෙන් ඉන්ධන ආනයනය කිරීමේ තීරණය සරළව ගත හැකි දෙයක් නොවන බවද මහාචාර්යවරයා මෙහිදී අවධාරණය කර තිබේ. එය, විධිමත් ටෙන්ඩර් ක්‍රියාවලියක් අනුව, තරගකාරී මිල ගණන් කැදවීමෙන් කළ යුතු දෙයකි. ඉන්ධන අපනයනය සදහා එක්සත් ජනපද රජය සෘජුව මැදිහත් නොවන නිසා, එක්සත් ජනපදයෙන් ඉන්ධන ආනයනය කිරීම රාජ්‍යයන් දෙක අතර සිද්ධ වන ගනුදෙනුවක් බවට පත් කිරීමේ හැකියාවක් නැති බව ද මහාචාර්යවරයා අවධාරණය කරයි. නමුත් ඉන්ධන වෙළදාමේ නිරත ඇමරිකානු සමාගම් සදහා ටෙන්ඩර් ක්‍රියාවලියට සහභාගී විය හැකි ය. දැනටමත් මෙරටට ඉන්ධන අලෙවි කිරීම සදහා වන ටෙන්ඩර් ක්‍රියාවලියට මැදිහත් වීමට එක්සත් ජනපද සමාගම් සූදානම් බව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-08-16 12:57 pm
|
Heading |
---|
2025-08-16 8:13 am
|
Heading |
---|
2025-08-15 9:41 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|