“විගණකාධිපති ලෙස දෙපාර්තමේන්තුවෙන් පිටත අයෙකු ජනාධිපතිට පත් කළ හැකියි. මමත් පිටින් ආව අයෙක්..” හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ කියයි. විගණකාධිපති ධූරය සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ව්‍යවස්ථා සභාවට යෝජනා කළ නම එම සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා විය. ජනාධිපතිවරයා යෝජනා කළ එම නම ප්‍රතික්ෂේප වීමට හේතුව වී තිබුණේ, අදාල පුද්ගලයා විගණන දෙපාර්තමේන්තුවෙන් පිටස්තර අයෙකු විමයි. කෙසේ වෙතත්, හිටපු විගණකාධිපතිවරයෙකු වන ගාමිණී විජේසිංහ මහතා පවසන්නේ, විගණකාධිපති ධූරය සදහා විගණන දෙපාර්තමේන්තුවෙන් පිටස්තර අයෙකු පත් කිරීමේ කිසිදු වරදක් තමන් නොදකින බවයි. කොටින්ම, තමන් පවා විගණන දෙපාර්තමේන්තුවෙන් පැමිණි විගණකාධිපතිවරයෙකු නොවන බව ඔහු වැඩිදුරටත් පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය මත, විගණකාධිපති ධූරය සදහා රාජ්‍ය සේවයේ සුදුසු පුද්ගලයෙකු පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමි වේ. විගණකාධිපති ධූරය සදහා විගණන දෙපාර්තමේන්තුවෙන් පිටස්තරයෙකු පත් කිරීමට යන සෑම අවස්ථාවක දී ම එම දෙපාර්තමේන්තුවෙන් ඊට විරෝධයක් එල්ල වීම සාමාන්‍ය තත්ත්වයක් බව ගාමිණී විජ්සිංහ මහතා පවසයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ දෙපාර්තමේන්තුවෙන් පිටස්තර පුද්ගලයෙකු වන ඔහු විගණකාධිපති ලෙස පත් කිරීමේ දී ද දෙපාර්තමේන්තුව තුළින් යම් විරෝධයක් මතු වූ බවයි. කෙසේ වෙතත්, යහපාලන රජය බලයට පත් වීමෙන් පසුව තමන් එම ධූරය සදහා පත් කළද, යහපාලනය තුළ සිද්ධ වූ බරපතල වංචාවක් වන මහබැංකු බැදුම්කර වංචාව පිළිබදව අපක්ෂපාතී විගණනයක් සිදු කිරීමට තමන්ට හැකි වූ බවද ඔහු පවසයි. එබැවින්, කිසිවකු තමන්ගේ පත් කිරීම පිළිබදව ප්‍රශ්න නොකළ බවද ඔහු වැඩිදුරටත් සදහන් කරයි. ද අයිලන්ඩ් පුවත්පත ඇසුරෙනි.
Heading | Heading |
---|
Heading |
---|
2025-06-16 3:31 am
|
Heading |
---|
2025-06-14 10:16 am
|
Heading |
---|
2025-06-12 11:32 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|