Heading
දේශීය
2025-05-03 11:53 am • Views: 401

අරගල සමයේ නිවාස ගිනි තැබීම් සදහා නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල් ලක්ෂ 6206 ක් වන්දි ගනිති.

අරගල සමයේ නිවාස ගිනි තැබීම් සදහා නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල් ලක්ෂ 6206 ක් වන්දි ගනිති. 

පසුගිය අරගල සමයේ සිදු වූ නිවාස ගිනි තැබීම් සදහා නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 92 ක්  මහා භාණ්ඩාගාරයෙන් රුපියල් ලක්ෂ 6206 ක් වන්දි වශයෙන් ලබාගෙන තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. 

හොරණ ගෝනපළ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව අනාවරණය කළේ ය. 

ඒ අනුව, එම පිරිස් අතරින් කිහිප දෙනෙකු පහත පරිදි වන්දි ලබාගෙන තිබේ. 

කෑගල්ල නගර සභාවේ සභාපති, ජී.කේ සමරසිංහ රුපියල් ලක්ෂ 103.5 යි. 

බලංගොඩ නගර සභාවේ සභාපති, ඩබ්.ඒ.ඩබ්.පී ගුණරත්න රුපියල් ලක්ෂ 104.5 යි. 

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති, ජී.ඒ. මුණගොඩ, රුපියල් ලක්ෂ 109.5 යි. 

මිනුවන්ගොඩ නගරාධිපති එච්.කේ.ඩබ්. ජයසේකර රුපියල් ලක්ෂ 122.56 යි. 

සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහන රුපියල් ලක්ෂ 131 යි. 

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.එල්.පද්මකුමාර රුපියල් ලක්ෂ 129.2 යි. 

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති ටී.නිමල් රුපියල් ලක්ෂ 139.9 යි. 

දඹුල්ල නගර සභාවේ සභාපති හේමන්ත ජාලිය රුපියල් ලක්ෂ 627.9 යි. 

කැස්බෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා රුපියල් ලක්ෂ 698.7 යි. 

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ඉදුනිල් ජගත් කුමාර රුපියල් ලක්ෂ 450.6 යි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න