Heading
දේශීය
2025-05-03 9:52 am • Views: 584

"මහජනතාවට අයිති ඒ රත්තරන් තොගය ආපසු ඔවුන්ට ම ලබා දීමට කටයුතු නොකලේ ඇයි..?"

"මහජනතාවට අයිති ඒ රත්තරන් තොගය ආපසු ඔවුන්ට ම ලබා දීමට කටයුතු නොකලේ ඇයි..?"

යුද සමයේ දී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් අත්පත්කරගෙන තිබුණු, උතුරු නැගෙනහිර පළාත්වල ජීවත් වන පුරවැසියන්ට අයත් රත්රන් තොඟයක් රජය සන්තකයේ පවතින බව මෑතක දී වැඩ භාරගත් බුද්ධි ප්‍රධානියා විසින් අනාවරණය කළ බවත්, ඉන් පසුව, වැඩබලන පොලිස්පතිවරයා හරහා ඒ පිළිබදව අධිකරණය දැනුවත් කිරීමට කටයුත-ු කළ බවත් ජනාධිපති අනුර කු-මාර දිසානායක මහතා පවසයි. 

යුද්ධය අවසන් වී වසර දහසයක් ගත වීමෙන් පසුවත්, එම රත්තරන් තොගය ඒවායේ සැබෑ හිමිකරුවන්ට ලබා දීමට කටයුත-ු නොකිරීම පිළිබදව ජනාධිපතිවරයා සිය කණස්සල්ල පළ කළේ ය. 

එම වගකීම පැහැර හැරි සියළු දෙනාට එරෙහිව කටයුතු- කිරීමට තමන් සූදානම් බව ප්‍රකාශ කළ ජනාධිපති අනුර ක-ුමාර දිසානායක මහතා, ඒ පිළිබදව සොයා බැලීමට කමිටුවක් පත් කරන බවද පැවසී ය.

තමන්ගේ එකම අපේක්ෂාව, එම රත්තරන් තොගය ඒවායේ හිමිකරුවන් සොයා භාර දීම පැවසූ ජනාධිපති, නමුත් එය කළ හැකි වේදැයි නිශ්චිතවම කිව නොහැකි බවද පවසීය. 

කෙසේ හෝ එම රන් තොගය ඒවායේ හිමිකරුවන්ට පොදුවේ ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘතියක් වෙනුවෙන් යෙදවීමට හෝ රජය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසී ය. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න