Heading
දේශීය
2025-05-02 9:16 am • Views: 336

සැඟවී සිටි අවධියේ ඉවත් කළ ආරක්ෂාව දේශබන්දු යළි ඉල්ලයි...!

සැඟවී සිටි අවධියේ ඉවත් කළ ආරක්ෂාව දේශබන්දු යළි ඉල්ලයි...!

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස් ආරක්ෂාව ඉල්ලා ඇති බව වාර්තා වේ. 

ඔහු මෙසේ පොලිස් ආරක්ෂාව ඉල්ලා ඇත්තේ තමන්ට ජීවිත තර්ජන ඇති බව ප්‍රකාශ කරමිනි.

මෙම ඉල්ලීම දේශබන්දු තෙන්නකෝන් විසින් වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිතව ඉදිරිපත් කර තිබේ. 

ඩබ්. ෆිෆ්ටීන් හෝටලයට වෙඩි තැබීමේ සිදු වීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීමෙන් පසුව දේශබන්දු තෙන්නකෝන් සැගවුණු අතර, එම අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂාව ඉවත් කිරීමට වැඩබලන පොලිස්පතිවරයා කටයුතු- කළේ ය. 

කංජිපානි ඉම්රාන් නමැති පාතාල කල්ලි නායකයාගෙන් දේශබන්දු තෙන්නකෝන්ට මරණ තර්ජන ඇති බව අද වෙළද පොළට නිකුත්ව තිබෙන මව්බිම පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කරයි. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න