ට්‍රම්ප් ජනපති වී දින 100 යි. එක්සත් ජනපද ආර්ථිකය 0.3% කින් හැකිළෙයි. ට්‍රම්ප් දෙවන ධූර කාලය සදහා පත් වී ඊයේට දින සියයකි. අද දින ප්‍රකාශයට පත්ව තිබෙන වාර්තාවන්ට අනුව, එක්සත් ජනපද ආර්ථිකය වසරේ මුල් මාස තුන තුළ 0.3%කින් හැකිලී තිබේ. මෙය ආර්ථික විද්‍යාඥයන් අපේක්ෂා කළ මට්ටමට වඩා බරපතල තත්ත්වයකි. ආර්ථිකයේ සිදු වූ මෙම හැකිලීමට ප්‍රධාන හේතුව ආනයන ඉහළ යාම බව පැවසේ. ආනයන මත පැනවූ ඉහළ තීරු බදු අනුපාත ක්‍රියාත්මක වීමට පෙර, ව්‍යාපාරිකයෝ තොග රැස්කර තබා ගැනීම සදහා ආනයන වැඩි කළේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය අවපාතයකට ලක් විය. මේ හා සමගාමීව, පාරිභෝගිකයන්ගේ ක්‍රය ශක්තිය ද පිරිහීමට ලක්වන බැවින්, ආර්ථික වර්ධනය දුර්වල වීම අඛණ්ඩව ඉදිරියට යා හැකි ය. මෙම වසරේ දී එක්සත් ජනපද ආර්ථිකය අවපාතයකට ලක් වීමේ අවදානම 50% ක් බව ආර්ථික විශේෂඥයෝ පවසති. මෙහි බලපෑම කුටුම්භ සහ ව්‍යාපාර කෙරෙහි ඉතා ඉක්මනින් දැනෙනු ඇතැයි අපේක්ෂා කරයි. ලෝකය පාරිභෝජනය වෙනුවෙන් ඩොලර් හයක් වැය කරන්නේ නම්, ඉන් එක් ඩොලරයක් වැය කරනු ලබන්නේ එක්සත් ජනපද පුරවැසියන් ය. එහි තේරුම, ඇමරිකානුවන්ගේ මිලදී ගැනීමේ හැකියාව පහත වැටුනොත්, අනෙක් රටවලට ඇමරිකානුවන්ට භාණ්ඩ හා සේවා විකීණීමට ඇති හැකියාවද පහත වැටෙනු ඇති බවයි. නැතහෙැාත් ඇමරිකානුවන්ගේ වේදනාව අපටද අත් විදින්නට සිදුවනු ඇති බවයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-25 11:21 am
|
Heading |
---|
2025-04-24 12:57 pm
|
Heading |
---|
2025-04-23 11:30 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|