"ඉදිරි පැය 24-36 අතර කාලයේ දී පාකිස්ථානයට එරෙහිව ඉන්දීය හමුදා මෙහෙයුමක්...?" බුද්ධි තොරතුරු ලැබී ඇතැයි පාකිස්ථාන ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි. ජම්මු කාශ්මීරයේ සිදු වූ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරයට පසුව ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇති වී තිබෙන ආතතිය මධ්‍යයේ, ඉදිරි පැය 24 ත් 36 ත් අතර කාලයේ දී පාකිස්ථානයට එරෙහිව ඉන්දියාවෙන් යුද මෙහෙයුමක් දියත් වීමේ අවධානමක් ඇති බවට බුද්ධි තොරතුරු ලැබී ඇතැයි, පාකිස්ථාන ජනමාධ්‍ය අමාත්‍යවරයා නිවේදනය කරයි. පාකිස්ථාන රජයේ ජනමාධ්‍ය අමාත්‍යධූරය හොබවනු ලබන්නේ අතාවුල්ලා තාරර් ය. කෙසේ වෙතත්, තමන්ට ලැබී තිබෙන තොරතුරු සනාථ කිරීමට අවශ්‍ය සාක්ෂි කිසිවක් අමාත්‍යවරයා මෙතෙක් ඉදිරිපත් කර නැත. ඔහු චෝදනා කරන්නේ ජම්මු කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය, පාකිස්තානයට පහර දීම සදහා කඩතුරාවක් ලෙස යොදා ගැනීමට ඉන්දියාව කුමන්ත්‍රණය කරමින් සිටින බවයි. අවශ්‍යම තත්ත්වයකදී න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට වුවත් පාකිස්ථානය සූදානම් බව එරට ආරක්ෂක අමාත්‍ය කවාජා මුහම්බද් අසිෆ් ද පසුගිය සදුදා දිනයේ දී ප්‍රකාශ කර තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-25 11:21 am
|
Heading |
---|
2025-04-24 12:57 pm
|
Heading |
---|
2025-04-23 11:30 am
|
Heading |
---|
2025-04-09 8:36 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|