හිටපු ජනාධිපතිවරු රජය දුන්න වාහනවලින් එක බැගින් යළි රජයට භාර දෙති. අමාත්‍යවරයෙක-ුට භාවිතා කළ හැකි උපරිම රජයේ වාහන සංඛ්‍යාව දෙකක් බවට සීමා කිරීමෙන් පසුව, හිටපු ජනාධිපතිවරුන්ට ඔවුන්ගේ ප්‍රයෝජනය සදහා රජයෙන් ලබා දී තිබෙන මෝටර් රථ තුනෙන් එකක් යළි රජයට භාර දෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය සියළු විශ්‍රාමික ජනාධිපතිවරුන්ට දැනුම් දී තිබුණි. මේ නියෝගයට අනුගත වී මේ වන විටත්, හිටපු ජනාධිපතිවරු සිව් දෙනෙකු රජය ඔවුන්ට ලබා දී තිබුණු මෝටර් රථ තුනෙන් එක් මෝටර් රථය බැගින් ලබා දී තිබේ. ඒ අනුව, රනිල් වික්‍රමසිංහ රජය ඔහුට ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් වන ලෑන්ඩ් කෲෂර් ප්‍රාඩෝ රථයද, ගෝඨාභය රාජපක්ෂ ඔහුට ලබා දී තිබෙන වාහන තුනෙන් ලෑන්ඩ් රෝවර් ජීප් රථයද, මෛත්‍රීපාල සිරිසේන, ඔහුගේ වාහන සංචිතයෙන් ලෙක්සස් ඩිෆෙන්ඩර් රථයද මහින්ද රාජපක්ෂ, ඔහුට රජයෙන් ලබා දී තිබුණු වාහන තු-නෙන් එකක් වන ලෑන්ඩ් කෲෂර් වී එයිට් රථය ද යළි රජයට භාර දී තිබේ. මෙතෙක් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය පමණක්, ඇයට රජයෙන් ලබා දී තිබෙන මෝටර් රථ තුනෙන් එක් රථයක් මෙතෙක් රජයට භාර දී නැත.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-29 10:23 am
|
Heading |
---|
2025-04-29 1:34 am
|
Heading |
---|
2025-04-29 11:49 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|