Heading
දේශීය
2025-04-29 1:34 am • Views: 507

මැණික් ගඟබඬ රාජපක්ෂ මන්දිරය; අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගනී.

මැණික් ගඟබඬ රාජපක්ෂ මන්දිරය; අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගනී. 

මැණික් ගඟබඬ පිහිටි ජී. රාජපක්ෂ නමැති අයකුගේ නමට ජල බිල්පත් පවා එන අභිරහස් මන්දිරයේ හිමිකාරත්වය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාලව, තවත් සැකකරුවකු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගෙන තිබේ. 

අද දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙන සැකකරු, එල්.ඒ. විමලරත්න නමැති ලංකා ගමනා ගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකි. 

මෙම පුද්ගලයා ලංකා ගමනාගමන මණ්ඩලයේ උපසභාපති ලෙස පත් කර තිබෙන්නේ කු-මාර වෙල්ගම ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස සිටිය දී ය. 

කුමාර වෙල්ගම, එම පත් කිරීම නීති විරෝධී ලෙස සිදු කර ඇති බවට වන නඩුවක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවතුණි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න