මෛත්‍රී වන්දි ගෙවා අවසන්..! රෝයල් පාර්ක් ඝාතන නඩුවේ වරදකරු වූ ජූඩ් ශර්මන්ත ජයමහ යන අයට ලබා දී තිබුණු ජනාධිපති සමාව අහෝසි කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ව්‍යවස්ථා විරෝධීව එම ජනාධිපති සමාව ලබා දීමට කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙසටද නියෝග කළේ ය. මෙම වන්දි මුදල ඔහු විසින් නිසි පරිදි ගෙවා නැති බව අධිකරණයට වාර්තා වි තිබුණු අතර, ඒ පිළිබදව විමසීම සදහා අධිකරණය ඔහු අද යළි අධිකරණය හමුවට කැදවා තිබුණි. ඒ අනුව අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි මෛත්‍රීපාල සිරිසේන, එම වන්දි මුදල මේ වන විටත් ගෙවා අවසන් බව දැනුම් දුන්නේ ය. ඉන් අනත-ුරුව, මෙම නඩුවේ ඉදිරි කටයුතුවලින් මෛත්‍රීපාල සිරිසේන මහතා මුදාහැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. මීට පෙර, පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් පවරා තිබුණු නඩුවක් විභාගක කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම ත්‍රස්තප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ දහසක මුදලක ගෙවන ලෙස මෛත්‍රීපාල සිරිසේනට නියෝග කර තිබුණි. ඔහු එම වන්දි මුදලද ගෙවා අවසන් කළේ ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-30 9:08 am
|
Heading |
---|
2025-04-29 10:23 am
|
Heading |
---|
2025-04-29 1:34 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|