ඒ කතාව අනුරට කිව්වේ අල්ලස් කොමිසමද...? රනිල්ගේ මාධ්‍ය ඒකකයද..? ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් පිළිබඳව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අප්‍රේල් දහවන දා කරන ලද ප්‍රකාශයට අදාලව, ඊට පසුව දා, එනම් අප්‍රේල් එකොළොස්වන දා අල්ලස් කොමිසම ඔහුට ලිපියක් යොමු කර තිබුණි. එම ලිපියෙන් කොමිසම හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී තිබුණේ අප්‍රේල් දා හත් වන දා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි. කොමිසම අදාල ලිපිය නිකුත් කළ අප්‍රේල් මාසයේ එකොළොස්වනදාම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මල්පාරේ පිහිටි කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කළේ ය. එම නිවේදනය මාධ්‍ය කිහිපයකම වාර්තා කර තිබුණු අතර, එය කිසිසේත්ම අල්ලස් කොමිසම වෙත යොමු කළ ලිපියක් නොවේ. එම ලිපිය ප්‍රධාන වශයෙන් ම තමන් චාමර සම්පත් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයට කඩිමුඩියේ ප්‍රතිචාර දක්වන්නට අල්ලස් කොමිසම ඉදිරිපත් වීම සම්බන්ධයෙන් වූ කණස්සල්ලෙන් යුතුව මාධ්‍යයට නිකුත් කර තිබුනකි. අල්ලස් කොමිසම අප්‍රේල් මාසයේ 17 වන දා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුනත්, උදා වීමට නියමිත අළුත් අවුරුද්ද හේතුවෙන් තමන්ට එදින කොමිසම හමුවේ පෙනී සිටිය නොහැකි බව අදාල නිවේදනයෙන් රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යය දැනුවත් කර තිබුණි. එසේම සෑම මාධ්‍යයක්ම පාහේ එදින එම ප්‍රවෘත්තිය වාර්තා කරන ලදී. අප්‍රේල් එකොළහ හෝ ඊට ආසන්න දිනයක දී ජනපති අනුර ක-ුමාර දිසානායක මහතා ද මේ පිළිබදව ප්‍රසිද්ධ වේදිකාවක කතා කරන අතර, අද රනිල් වික්‍රමසිංහ මහතා විසින් මාධ්‍ය හමුවේ විකාශය කරන ලද්දේ එම දර්ශනයි. නමුත් අද මාධ්‍ය හමුවේදී හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට චෝදනා කරන්නේ, තමන් කොමිසමට ලබා දුන් ලිපියක් කොමිසම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලබා දී ඇති බවයි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා කරන මේ චෝදනාව සැබෑවක්ද යන්න ගැටළුසහගත ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-30 9:08 am
|
Heading |
---|
2025-04-29 10:23 am
|
Heading |
---|
2025-04-29 1:34 am
|
Heading |
---|
2025-04-29 11:49 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|