චීනයෙන් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර තොගයක් ගෙන්වීම; කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් රක්ෂිත බන්ධනාගාරගත කරයි. ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ සිදු වූ ආන්දෝලනාත්මක ගණුදෙනුවක් වූ - ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර තොගයක් ගෙන ඒම සම්බන්ධයෙන්, කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙකු- වන මහේෂ් ගම්මන්පිල, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ. අදාල පොහොර තොගය ආනයනය කිරීම සදහා විවෘත කරන ලද ණයවර ලිපි නිකුත් කිරීම අත්හිටුවීමට ගෙන තිබූ තීන්දුවට පිටුපා අදාල ණයවර ලිපි නිකුත් කිරීම ඔහුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවයි. මේ මගින් ඇමරිකානු ඩොලර් මිලියන 6.9 ක මුදලක් රටට අහිමි විය. සැකකරු මැයි මාසයේ පස් වන දා දක්වා රක්ෂිතබන්ධනාගාරගතකර තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. මෙම පොහොර තොගය මෙරටට ආනයනය කරන සමයේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද්දේ මහින්දානන්ද අළුත්ගමගේ වන අතර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂේන්ද්‍ර රාජපක්ෂ කටයුතු කළේ ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-30 9:08 am
|
Heading |
---|
2025-04-29 10:23 am
|
Heading |
---|
2025-04-29 1:34 am
|
Heading |
---|
2025-04-29 11:49 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|