මාර්තුවේ ඇඟළුම් අපනයන 11.65% කින් ඉහළට..! ආදායම ඩොලර් මිලියන 467 ක්. මාර්තු මාසයේ දී ඇඟළුම් අපනයන නව ඉහළම අගයකට ළගා වී තිබේ. පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු මාසයේ ඇගළුම් අපනයන 11.65 කින් ඉහළ ගොස් ඇති අතර, ඇගළුම් අපනයනයෙන් මාර්තු-වේ උපයා ඇති ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 467 කි. මාර්තු මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 467 ක මෙම ආදායම, මෑත මාසවල වාර්තා වූ ඉහළම අගයයි. ඒ අනුව, 2025 වසරේ පළමු කාර්ත-ුව සදහා ඇගළුම් අපනයනයෙන් උපයා ඇති මුළු ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 1.3 කි. එය පසුගිය වසරේ මුල් කාර්තුවේ ඉපැයූ ආදායම හා සසදා බැලීමේ දී 11.7% ක වර්ධනයකි. මාර්තු මාසයේ එක්සත් ජනපදයට අපනයනය කර තිබෙන ඇගළුම් ප්‍රමාණය, පෙබරවාරියට සාපේක්ෂව 16.5% කින් ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත්, ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් ලංකාවේ අපනයන සදහා පනවා තිබෙන 44% ක තීරු බද්ද හේතුවෙන් ඇගළුම් අපනයනයෙන් උපයන ආදායමේ මේ පෙන්නුම් කරන වර්ධනය ඉදිරියේ දී පසුබැසීමකට ලක් වීමට ඉඩ තිබෙන බව පවසයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-30 9:08 am
|
Heading |
---|
2025-04-29 10:23 am
|
Heading |
---|
2025-04-29 1:34 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|