කරන්නාගොඩට එරෙහි නඩුවෙන් විනිසුරුවරු දෙදෙනෙක් ඉවත් වේ. කප්පම් ලබා ගැනීම සදහා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජීවත් වූ තරුණයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අත-ුරුදන් කිරීමට අදාලව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එල්ල වී තිබෙන චෝදනා ඉල්ලා අස්කර ගැනීමට නීතිපතිවරයා කටයුතු කර තිබුණි. වසන්ත කරන්නාගොඩට එරෙහි චෝදනා ඉල්ලා අස්කර ගැනීමට පියවර ගන්නා බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබුණේ 2021 වසරේ දී ය. කෙසේ වෙතත්, නීතිපතිගේ මෙම තීන්දුව අභියෝගයට ලක් කරමින්, අත-ුරුදන් කරන ලද තරුණයන් එකොළොස් දෙනාගේ ඥාතීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරන ලදී. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඊයේ කැදවූ අවස්ථාවේ දී විනිසුරු දිලීප් නවාස් සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන අය අදාල පෙත්සම් විභාගයෙන් තමන් ඉවත්වන බව දැනුම් දි තිබුණි. මෙම ඉවත් වීම පෞද්ගලික හේතු මත සිදු කරන බව ඔවුන් දෙදෙනාම ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ. ඒ අනුව, අදාල පෙත්සම වෙනත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ 2025 සැප්තැම්බර් 25 වන දා කැදවීමට නියමිත ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-30 9:08 am
|
Heading |
---|
2025-04-29 10:23 am
|
Heading |
---|
2025-04-29 1:34 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|