
නීතිපති හෙට ජනපති හමුවෙයි. ජනාධිපති අනුර ක-ුමාර දිසානායක මහතා බලයට පත් වීමෙන් පසුව, නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබුණු ප්‍රධාන නඩු පහකට අදාල වත්මන් තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීම සදහා නීතිපති පාරින්ද රණසිංහ මහතා හෙට දිනයේ දී ජනාධිපතිවරයා හමුවීමට නියමිත බව වාර්තා වේ. මෙම නඩුවලට අදාල විමර්ශන ප්‍රමාද වීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයාගේ දෝශ දර්ශනයට ලක්ව තිබේ. නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් නීතිපති පාරින්ද රණසිංහ මහතාට ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් උපදෙස් ලැබී ඇතැයි නිල නොවන ආරංචි මරංග උපුටා දක්වමින් ඇතැම් මාධ්‍ය අද වාර්තා කර තිබේ. කෙසේ වෙතත් නඩු ප්‍රමාදයන් සිද්ධ වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ වරදකින් නොව, නඩු පැවරීමේ දී අවශ්‍යවන අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග පොලිස් දෙපාර්තමේන්තුව වැනි පාර්ශ්වයන්ගෙන් නිසි පරිදි ඉටු නොවීම නිසා යැයි නීතිපති දෙපාර්තමේන්තුව පවසන බවද වාර්තා වේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|