නව රජය බලයට පත් වීමෙන් පසුව,
ගෝඨාගෙන් ලැබී තිබුණු විශේෂ වරප්රසාදයක්
ඉවත් කිරීමට එරෙහිව, ඇවන්ගාඩ්
සමාගම ගොනු කළ පෙත්සම
අභියාචනාධිකරණය නිශ්ප්රභ කරයි...!
ඇවන්ගාඩ් සමාගම විසින් පවත්වාගෙන යන ලද අවි ගබඩා තුනක් ඉවත් කිරීම සදහා ආරක්ෂක අමාත්යංශයේ ලේකම්වරයා විසින් ලබා දී තිබුණු නියෝගයකට එරෙහිව එම සමාගම අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබුණ අතර, එකී පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.
එමගින් නාවික හමුදාවට ලැබිය යුතු විශාල ධනස්කන්දයක් පෞද්ගලික සමාගමක් වූ ඇවන්ගාඩ් සමාගම උපයනු ලැබී ය.
නව රජය බලයට පත් වීමෙන් පසුව, අදාල සේවා සැපයීම ඇවන්ගාඩ් සමාගමෙන් ඉවත්කර නැවත ශ්රී ලංකා නාවික හමුදාව භාරයට පත් කරන ලදී.