රජයේ වෛද්ය නිළධාරීන්ගේ සංගමය,
දින පනස් දෙකේ කුමන්ත්රණ ආණ්ඩුව පිළිගන්න කියලා
තානාපති කාර්යාවලවට ලියුවා. ලැජ්ජයි..!
රාජිත, 2019 ජනවාරි 17.
“රජයේ වෛද්ය නිළධාරීන්ගේ සංගමය කියන්නේ වැදගත් වෘත්තීය සමිතියක්..
ඔවුන් සමඟ හොදින් ගනුදෙනු කළ යුතුයි..!”
රාජිත, 2026 පෙබරවාරි 10.
රජයේ වෛද්ය නිළධාරීන්ගේ සංගමය සහ වත්මන් රජය අතර මේ වන විට ආතතිමය තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
සංගමය, ඔවුන් වෘත්තීය අරගලයක නිරතවන බව පැවසුවද, ආණ්ඩුවේ අදහස වී ඇත්තේ ඔවුන් දෙශපාලනය කරමින් සිටින බවයි.
ඒ බව ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා මහතා මෙන්ම පක්ෂය නියෝජනය කරන තවත් මැති ඇමතිවරු පවසා තිබුණි.
රජයේ වෛද්ය නිළධාරීන්ගේ සංගමය, මීට පෙර, යහපාලන රජය සමයේදී ද ඔවුන්ගේ වෘත්තීය ක්රියාමාර්ග දැඩිකර තිබුණි.
එවකට සෞඛ්ය අමාත්යවරයා වූ රාජිත සේනාරත්න මහතා, රජයේ වෛද්ය නිළධාරීන්ගේ සංගමය සමග ගැටුම් රැසක් ඇතිකරගත් අතර, එම වෘත්තීය සංගමයට එරෙහිව වෛද්යවරුන්ගේ වෙනත් වෘත්තීය සමිතියක් ප්රවර්ධනය කිරීමට කටයුතු කළ බවද රහසක් නොවේ.
යහපාලන රජය සමයේ සිදු වූ ව්යවස්ථා කුමන්ත්රණයේ දී රජයේ වෛද්ය නිළධාරීන්ගේ කුමන්ත්රණකරුවන්ගේ පැත්ත ගත් අතර, ලෝකයේ කිසිදු රාජ්්යයක් කුමන්ත්රණයෙන් බිහිකළ රජය පිළි නොගන්නා තත්ත්වයක් තිබිය දී, රජයේ වෛද්ය නිළධාරීන්ගේ සංගමය, මෛත්රී මහින්ද කුමන්ත්රණකාරී රජය පිළිගන්නා ලෙස ඉල්ලමින්, තානාපති කාර්යාලවලට ලිපි ලියා ඇතැයි, රාජිත සේනාරත්න මහතා එවකට චෝදනා කළේ ය.