Heading
ජාත්‍යන්තර
2025-08-11 9:56 am • Views: 806

අගනුවර ලස්සන කිරීමට දුප්පත් කැත මිනිස්සුන්ව වොෂින්ටනයෙන් නෙරපයි..!

අගනුවර ලස්සන කිරීමට දුප්පත් කැත මිනිස්සුන්ව වොෂින්ටනයෙන් නෙරපයි..!

අගනුවර වන වොෂින්ටනය ලස්සන සහ ආරක්ෂිත ස්ථානයක් බවට පත් කළ යුතුව ඇති බැවින්, නිවාස නොමැති දුප්පතුන් වොෂින්ටනයෙන් පිටමන් කිරීමට ජනාධිපති ට්‍රම්ප් තීරණය කර තිබේ. 

ස්ථිර නිවාස නොමැති පුද්ගලයන් තුන් දහස් හත්සිය අසූ දෙදෙනෙකු වොෂින්ටනයේ ජීවත් වන බව වාර්තා වේ. ට්‍රම්ප් නියෝග කර ඇත්තේ, ඔවුන් සියළු දෙනා නගරයෙන් ඉවත්ව යා යුතු බවටයි. 

නිවාස අහිමි මේ පිරිස් සදහා අගනුවරින් බැහැර නිවාස ඉදිකර දීමට ට්‍රම්ප් පොරොන්දු වී තිබේ. 

වොෂින්ටනයේ ජීවත් වන අපරාධකරුවන්ට විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබෙන ජනාධිපති ට්‍රම්ප්, ඔවුන්ට නගරයෙන් ඉවත්වීම අවශ්‍ය නොවන බවත්, ඔවුන් ඉන්නා තැන දී ම අල්ලාගෙන සිරකිරීමට කටයුතු කරන බවත් පවසා තිබේ. 

කෙසේ වෙතත්, පුද්ගලයෙන් නගරයෙන් ඉවත් කිරීම සදහා ජනාධිපති ට්‍රම්ප් භාවිතා කිරීමට සූදානම් වන්නේ කවර නීතියක්ද යන්න මෙතෙක් පැහැදිලි කර නැත. 



Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න