Whatsapp පරිශීලකයන්ගේ පැරැණි සංවාද සියල්ලම ඉවත් කිරීමට ෆේස්බුක් සමාගම තීරණය කරයි

0
588
- Advertisement -

නිල Whatsapp යෙදුමෙහි භාවිත කිරීමට හැකියාව තිබෙන්නේ එක් පරිශීලක ගිණුමක් වන අතර මේ නිසා දුරකථන අංක කිහිපයක් එදිනෙදා ජීවිතයේදී භාවිත කරන බොහෝ Whatsapp පරිශීලකයන් මෙලෙස විශාල වශයෙන් තෙවැනි පාර්ශ්වයක් විසින් නවීකරණය කරන ලද Whatsapp යෙදුම් භාවිතය සඳහා යොමු වී තිබෙනවා.

මෙසේ තෙවැනි පාර්ශ්වයක් මඟින් නවීකරණය කරන ලද Whatsapp යෙදුම් භාවිත කරන පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත පිළිබඳව ඇතිවිය හැකි ආරක්‍ෂක හේතූන් මත Facebook ආයතනයට එම පරිශීලකයන්ගේ දත්ත පිළිබඳ වගකීමක් දැරීමට නොහැකි නිසා මෙම පියවර ගැනීමට සිදුවන බව Whatsapp සමාගමේ නියෝජිතයෙක් ශ්‍රී ලංකා පරිවර්තන සමූහය දැනුවත් කර තිබෙනවා.

Whatsapp සමාගමේ නියෝජිතයා ශ්‍රී ලංකා පරිවර්තන සමූහය වෙත සඳහන් කළ ආකාරයට තෙවැනි පාර්ශ්වයක් මඟින් නවීකරණය කොට තිබෙන Whatsapp යෙදුම් භාවිත කරන පරිශීලකයන්ට තම ගිණුම් අවලංගු නොවී පවත්වාගෙන යෑමට අවශ්‍ය උපදෙස් Whatsapp වෙබ් අඩවියෙහි Help (නිතර අසන පැන) පිටුවෙහි දක්වා ඇති බවද එම සමූහය වැඩිදුරටත් සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 + 10 =