14 හැවිරිදි දැරියට අතවර කළ දෙදරු පියා 17 වන තෙක් රිමාන්ඩ්

0
290
- Advertisement -
Share

වෙලම්බොඩ පොලිස් වසමට අයත් සිංදුරන්කන්ද ප්‍රදේශයේදී 14 හැවිරිදි පාසල් දැරියක් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ පනස් හතර හැවිරිදි දෙදරු පියෙකු මෙම මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගම්පොළ දිසා විනිසුරු ශ්‍රීනිත් විජේසේකර නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත වූයේ සින්දුරන්කන්ද පදිංචි පෙදරේරුවකු බව වෙලම්බොඩ පොලිසිය පවසයි. දෙදරු පියකු වන මොහු පසුගිය දෙසැම්බර් මස 28 වන දින මෙය සිදුකර ඇති අතර රා තැබෑරුමකදී මේ බව කියවී ඇත.

ඒ බව මෙම දැරියගේ වැඩිමහල් සහෝදරියට දැන ගන්නට ලැබී දැරියගෙන් විමසීමේදී සිද්ධිය අනාවරණය වී තිබේ. මෙම පාසල් දැරිය වෙළෙඳසලට යන අවස්ථාවේදී සැකකරු දැරිය පාළු තේ වත්තකට ඇදගෙන ගොස් මෙම අපරාධය සිදුකොට ඇති බව පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen + 13 =