නිධන් හැරූ එකම පවුලෙ තිදෙනා අත්අඩංගුවට.

0
753
- Advertisement -

වවුනියාවේ පූන්තෝට්ටම් අන්නානගර් ප්‍රදේශයේ නිවසක් තුළ නිධන් හාරමින් සිටි එකම පවුලේ 3 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලීසිය පවසයි.

නිවස තුළ කිසියම් පිරිසක් විසින් පොළව හාරමින් සිටින බවට වව්නියාව පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් නිවස තුළ අඩි පහක් පමණ ගැඹුරට වළක් හාරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 16, 19, හා 21 වයසැති එකම පවුලේ සහෝදරයෝ වෙති.

නිධානය හෑරීම සඳහා රැගෙන එන ලද උපකරණ කීපයක් හා පූජා භාණ්ඩ ද වවුනියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.