සා.පෙළ ලියන්න ගෙදරින් පිට වූ සිසුවා අතර මගදී බස් රථයක බිලි වෙයි.

0
691
- Advertisement -

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිරීම සදහා සහභාගි වෙමින් සිටි වවුනියාව ආච්චිපුරම් ප්‍රදේශයේ ශිෂ්‍යයෙකු අද (10) උදෑසන වවුනියාවේ ගෝමරසන්කුලම ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් සිද්ධිය වූ ස්ථානයේම මරණයට පත් වී ඇත.

මියගිය ශිෂ්‍යයා වවුනියාව ගෝමරසන්කුලම විද්‍යාලයේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව ඇති බැවින් උදෑසන තවත් අයෙකු සමග යතුරු පැදියෙන් විභාග ශාලාව වෙත යමින් සිටියදී මේ අනතුර සිදුව ඇති අතර සිද්ධිය වන අවස්ථාවේදී යතුරු පැදියේ තුන් දෙනෙකු ගමන් කරමින් සිට ඇත.

මේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ පුණ්‍යකුමාර් බහිරදන් නැමති දාසය හැවිරිදි සිසුවෙකි.

ශිෂ්‍යයා ගමන් කරමින් සිටි යතුරු පැදිය පෞද්ගලික බස් රථයක ගැටීම නිසා මේ අනතුර සිදුව ඇති අතර ඉන් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් වවුනියාව මහ රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කොට තිබේ.

මියගිය සිසුවාගේ මළ සිරුර පරීක්ෂණ කටයුතු සදහා වවුනියාව මහ රෝහලට පොලීසිය විසින් රැගෙන විත් තිබේ.

වවුනියාව පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.