රන්ජන්ගෙ හඬපට ගැන රස පරීක්ෂණය ඇරඹේ.

0
321
- Advertisement -
Share

මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගෙ නිවසින් අත් අඩංගුවට ගත් හඬපට අධිකරණ නියෝගයකට අනුව රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තුවේ පරීකෂණ අද සිට ආරම්භ වීමට නියමිතව ඇත.

පොලීසිය විසින් අත්අඩංගුවට ගත් හඬපට ඇතුළත් සංයුක්ත තැටි තොගය පසුගිය 09 වැනිදා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට භාරදුන් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මෙහිදි කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත් අඩංගුවට ගත් හඬපට කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී ඇති අතර නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණ විසින් ලබා දුන් නියෝගයකට අනුව අදාළ හඬපට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් රස පරීක්ෂක දෙපාර්තුමේන්තුව වෙත භාර දී තිබේ.

මෙලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගය දී ඇත්තෙ පසුගිය 09 වැනිදායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − seven =