දකුණු ආසියාවේ ලොකුම පිම්ම ශ්‍රී ලංකාවෙන්.

0
298
- Advertisement -
Share

‘‘ස්කයි ඩයිවින්’’ නමින් හඳුන්වන පැරෂුට් පිමි 200ක් පනිනු ලැබූ දකුණු ආසියාවේ මුල්ම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියා බවට වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න සමත් විය.

පනස් හතර හැවිරිදි ඔහු මෙම වාර්තාව තැබුවේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී සිය දෙසීය වැනි ‘‘ස්කයි ඩයිවින්’’ පිම්ම පනිමිනි.

ශ්‍රී ලංකා යුද හුදාවේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම පැරෂුට් ශූරයා වන ඔහු සිය පළමුවැනි පැරෂුට් පිම්ම පැන්නේ පාකිස්ථානයේදීය.

ඔහු 50 වැනි පිම්ම ඇමරිකාවේත්, 100 වැන්න එක්සත් රාජධානියේත් 150 වැන්න ඩුබායි රාජ්‍යයේත් සම්පූර්ණ කර තිබේ. උස් ගොඩනැගිලි මුදුනේ සිට පැරෂුට්වලින් පැනීමේ ත්‍රාසජනක ක්‍රීඩාව ලංකාවට හඳුන්වා දීමට ඔහු පුරෝගාමී විය.

සිවුවැනි ඊළාම් යුද සමයේ පටන් ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකා බලසේනාධිපති ලෙස රාජකාරි කළ ඔහුගේ මවු රෙජිමේන්තුව වන්නේ ගජබා රෙජිමේන්තුවයි.

ඔස්ට්‍රේලියාවේදී අඩි 14,500ක උසක සිට පනිනු ලැබූ ‘‘ස්කයි ඩයිවින්’’ පිම්ම මේජර් ජෙනරාල් හෙවත් තරු දෙකේ ජෙනරල් නිලයක් දරමින් පිනූ ආසියාවේ ප්‍රථම ​ජෙනරල්වරයා ලෙස නිර්මාල් ධර්මරත්න වාර්තා පොත් අතරට ගියේ ශ්‍රී ලංකා හමුදාවට අභිමානයක් එක්කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 + 20 =