ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය ලෝකෙන්ම 97 වැනි තැනට.

0
313
- Advertisement -
Share

විදෙස් සංචාරකයන්ට හා ගුවන් ගමනාන්ත උපයෝගී කරගන්නා පුද්ගලයන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් සපයමින් නිදහස් වීසා පහසුකම් ලබාදෙන ගුවන් ගමන් බලපත්‍ර අතුරින් 97 වැනි ස්ථානය ශ්‍රී ලංකාවේ ගුවන් බලපත්‍රයට හිමිව ඇත. මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත්තේ ලොව එක් එක් රටවල ගුවන් ගමන් බලපත්‍ර සඳහා වටිනාකම් ලබාදෙමින් ඒවා ශ්‍රේණිගත කරන හෙන්ලි ගුවන්ගමන් බලපත්‍ර දර්ශකය (Henley Passport index) විසිනි.

මෙම දර්ශකය ඔස්සේ කර ඇති ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2020 වර්ෂයේදී දකුණු ආසියානු කලාපයේ සිව්වන බලවත් ගුවන් ගමන් බලපත්‍රය හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවටයි. දකුණු ආසියානු කලාපයේ රටවල් 08ක් අතුරින් වඩාත්ම බලවත් ගුවන් ගමන් බලපත්‍රය හිමිව ඇත්තේ මාලදිවයිනටයි. දකුණු ආසියානු කලාපයේ බලවතා වන ඉන්දියානු ගුවන් ගමන් බලපත්‍රයට මෙම ගෝලීය දර්ශකයේ හිමිව ඇත්තේ 84 වැනි ස්ථානයයි. එය කලාපයේ දෙවැනි ස්ථානය හිමිකරගෙන ඇත.

මෙම කලාපයේ සෙසු රටවල් වන බංග්ලාදේශයට දර්ශකයේ 98 වැනි ස්ථානයත්, භූතානයට 89 වැනි ස්ථානයත් හිමිව ඇති අතර, නේපාලය 101 වැනි ස්ථානයේ රැඳී ඇත. මේ අතර පාකිස්තානය හා ඇෆ්ගනිස්ථානය පිළිවෙළින් 104 හා 107 ස්ථානවල ශ්‍රේණිගත කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen + sixteen =