පොහොට්ටු මන්ත්‍රීගෙන් පහර කෑ රණවිරුවා රෝහල් ගත කෙරේ.

0
3291
- Advertisement -

පොදුජන පෙරමුණේ හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී සුමිත් රාජපක්ෂ මහතා කල පහරදීමකින් තුවාල ලැබූ හිටපු යුධ හමුදා සෙබලෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර මෙසේ තුවාල ලබා ඇත්තේ අලව්ව තුඩැල්ල ප්‍රදේශයේ පදිංචි චමින්ද පද්මකුමාර නැමැති පුද්ගලයෙකි.

(07) දා රාත්‍රි 8.30ට පමණ අලව්ව තුඩැල්ල ප්‍රදේශයේ මන්ත්‍රී වරයාගේ පුතා සමග මෙම සෙබලා අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් හිටපු පලාත් සභා මන්ත්‍රී වරයා මෙම පුද්ගලයාට පහර දී තිබෙන අතර පහරදීමෙන් ⁣මෙම පුද්ගලයාගේ එක් පාදයක තැන් දෙපොලක අස්ථි බිඳීමට ලක්ව ඇත.

තුවාල ලැබූ පුද්ගලයා පැවසුවේ මන්ත්‍රී වරයා වෙඩි කිහිපයක් ද එල්ල කලබවත් මන්ත්‍රීවරයා සමග ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරැන් දෙදෙනෙක් සමග තවත් පුද්ගලයින් 6 දෙනෙකු පැමිණ ඇති අතර අහසට වෙඩි කිහිපයක් තබා තමාට යකඩ පොල්ලකින් පහර දුන් බව ඔහු ප්‍රකාශ කරයි . මේ වන විට මෙම පුදගලයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ 47 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty + one =